ව්‍යාපාර සැලස්ම හා එහි වැදගත්කම
2021-01-04
ව්‍යාපාර සැලැස්ම නිර්වචනය
ව්‍යාපාරයේ ස්වභාවය, විකුණුම් සහ අලෙවිකරණ උපායමාර්ගය සහ මූල්‍ය පසුබිම හා අපේක්ෂිත ඉදිරි ලාභ අලාභ විස්තර ඇතුලත් වන ලිඛිත ලේඛනයකි.
මෙම සැලැස්ම ව්‍යාපාරයක් ආරම්භයේදි අරමුණු නිර්වචනය කරන්නේ කෙසේද සහ එහි අරමුණු සාක්ෂාත් කර ගන්නේ කෙසේද යන්නත් විස්තරාත්මකව පැහදිලි කරයි. තවදුරටත් එය ව්‍යාපාරයට මග පෙන්වන ලිඛිත මාර්ග සිතියමක් ලෙස දැක්විය හැක.
ව්‍යාපාර සැලැස්ම මගින් ව්‍යාපාරයකට පහත ප්‍රතිලාභ ලැබේ.
- ඔබේ ව්‍යාපාරයේ ගමන් මග හදුනා ගැනීම හා උපාය මාර්ග තීරණයට
- ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට
- බැංකු වැනි ණය ලබා දෙන ආයතන වෙත ඉදිරිපත් කිරීමට
- රජයේ ආයතන වෙත ඉදිරිපත් කිරීමට
- මනා කළමණාකරනයකින් යුතුව සම්පත් ව්‍යාපාර අරමුණට යොමු කිරීමට හැකි වීම